FAST NEWS

24×7 Around the Globe

කෝප් කමිටුවේ සභාපති ධුරයෙන් ඉවත් වන්නේ නැ-හදුන්නෙත්ති

තමාට කිසිවිටක පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ධුරයෙන් ඉවත්වීමේ සූදානමක් නොමැති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කඹුරුපිටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගී වී අදහස් දක්වමිනි.

මේ අතර ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර තිබුණේ මහ බැංකු අධිපතිවරයා සම්බන්ධ කෝප් පරීක්ෂණයේ දී තමාට බලපෑම් එල්ල වෙන්නේ නම් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ඒ බව අනාවරණය කළ යුතු බවත් ඔහුට එම තනතුර දැරීමට පක්ෂය තුළ පවතින්නා වූ නීති රාමුව යටතේ නොහැකි නම් එය ද පැවසිය යුතු බවත් ය.