FAST NEWS

24×7 Around the Globe

මාස දෙකකින් නැවත එන බව දුෂ්මන්ත චමීර පවසයි.

මාස දෙකකින් පමණ නැවතත් ක්‍රිකට් පිටියට පැමිණීමට හැකිවෙනු ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පවසයි.

විස්ඩන් ශ්‍රී ලංකා වෙබ් අඩවිය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.කොන්දේ ආබාධයක් හේතුවෙන් චමිරට එංගලන්ත තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

ඉක්මනින් ජාතික කණ්ඩායමට එක්ව සිය කණ්ඩායමේ ස්ථානය තහවුරු කර ගැනීම බලාපොරොත්තුව බවද චමීර සඳහන් කළේය.

අවුරුදු 21දී පමණ වේගයෙන් පන්දු යැවීමට පුරුදු වූ බවත් මේ වන විට පැයට කිලෝමීටර් 145ක පමණ වේගයෙන් පන්දු යවන බවත් ඔහු කීවේය.