FAST NEWS

24×7 Around the Globe

ෆොන්සේකාගේ 6ක් එජාපය සමග නැ.

අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වීම වෙනුවේන ඊයේ (30දා) සිරිකොත පැවැති උත්සවයට ජාතන්ත්‍රවාදී පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් හයදෙනෙක් සහභාගි නොවූහ.

මේ වනවිට විනය පරීක්ෂණවලට භාජනය වී සිටින පළාත් සභා මන්ත්‍රීවරුන් හතරදෙනා, දැනට ස්වාධීනව සිටිනබස්නාහිර පළාත් සභා මන්ත්‍රි සුසිල් කිඳෙල්පිටිය මහතා සහ වයඹ පළාත් සභා මන්ත්‍රී රංජිත් ගුණසේකර මහතා හැර අනෙකුත් මන්ත්‍රීවරු ඊයේ පැවැති උත්සවයට එක්ව සිටියහ.

රංජිත් ගුණසේකර මහතා අවසාන මොහොත දක්වා සරත් ෆොන්සේකා මහතා සමග දේශපාලන කටයුතුවල නිරතව සිටි අතර, වයඹ පළාත් සභාවේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ කණ්ඩායම් නායකයා වශයෙන්ද කටයුතු කළේ ඔහුය.කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ඒ මහතා එක්සත් ජාතික පක්ෂය සමග එක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර රංජිත් ගුණසේකර මහතා ඉදිරි දින කිහිපයේදී ඒකාබද්ධ විපක්ෂය සමග එක්වීමට තීරණය කර ඇතැයිද වාර්තා වෙයි.