FAST NEWS

24×7 Around the Globe

යහපාලනය ගැන හිටපු ජනපති බෙන්තොට වෙරළේදී අදහස් දක්වයි.

මේ රටේ මිනිසුන් වැඩි පිරිසක් හරි ෂෝක් කියා මහා ඉහළින් පිළි ගත් යහපාලනේ ක්‍රියාකාරිත්වය ගැන දැන් හැම දෙනෙක්ම අවබෝධ කර ගෙන ඇති බව හිටපු ජනපති, කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පැවසීය.

ඔහු සදහන් කලේ යහ පාලනයේ රඟ දැන් රට හතර වටින්ම පේන්නට ඇති බවත්, මහ බැංකුවේ අධිපති පත් කර ගැනීමට ගොස් රජය තුළ විශාල වශයෙන් අර්බුද ඇති වී තිබෙන්නේ ඒ නිසා බවත්ය.

හිටපු ජනපතිවරයා ඒ බව සදහන් කලේ අද උදෑසන බෙන්තොට මුහුදු වෙරළේ ශරීර සුවතා කටයුතු වල යෙදෙමින් සිටියදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කීපයකට පිළිතුරු දෙමින්.

මේ එහි දී තවදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ –

අද මේ රටේ පරිපාලනයක් නැහැ. සේරම බිඳ වැටිලා. කොයි පැත්තෙන් පාලනය වෙනවාදැයි කවුරුවත් දන්නේ නැහැ.

මේ ආණ්ඩුවට ඇති ලොකුම ගැටලුවත් ඕකම තමයි.

එක් කෙනෙකුට එක්කෙනෙක් දන්නේ නැහැ තමන් මොනවද කරන්නේ කියලා.

මේ වගේ පාලනයක් කවදාවත් ඇවිල්ලත් නැහැ. ආයෙත් එන්නෙත් නැහැ.