FAST NEWS

24×7 Around the Globe

සෙල්ෆියක් නිසා වුන හදියක්.

ලතින් ඇමරිකානු පේරු රාජ්‍යයේ පිහිටි ඉන්කාවරුන්ගේ පුරාතන මචු – පිචු බලකොටුව පසුබිම් කොටස සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ සංචාරකයෙකු ප්‍රපාතයට ඇද වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

51 හැවිරිදි මෙම ජර්මන් ජාතික සංචාරකයා අනතුරු ඇගවීමේ උපදෙස් නොතකා බලකොටුවේ කෙළවරකට ගොස් ඇති අතර, ඉන් අනතුරුවයි ඔහු ඇද වැටී ඇත්තේ.

ඊයේ ඔහුගේ සිරුර සොයා ගෙන ඇති අතර, කුස්කෝ නුවර රෝහලකට රැගෙනවිත් තිබෙනවා.

යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස නම් කළ මචු – පිචු ශෛලමය බලකොටුව පේරු රාජ්‍යයේ අන්දීස් කදුකරය ආශ්‍රිතව 15 වන සියවසේදී ගොඩනගා ඇති අතර එය තාරක ශාස්ත්‍රානුකූලව නිමවා ඇති ආකාරය අදටත් අභිරහසක්.