FAST NEWS

24×7 Around the Globe

ඕසෝන් සිදුර දැන් හොද තත්වයකලු.

ඇන්ටාක්ටිකාවට ඉහළ අහසෙහි ඇති ඕසෝන් සිදුර ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වන බව විද්‍යාඥයින් පවසනවා.

එම ඕසෝන් සිදුර 2000 වසරේදී වර්තමාන ඉන්දියාවේ භූමි ප්‍රදේශයට සමාන විශාලත්වයක් ගෙන තිබුණා.

පසුගිය වසර වනවිට එය වර්ග කිලෝමීටර් මිලියන 4කින් පමණ අඩු වී ඇති බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

ඕසෝන් ස්ථරයට හානි කර රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටිම මෙසේ ඕසෝන් සිදුරේ ප්‍රමාණය අඩුවීමට බලපා තිබෙනවා.