FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථාන තේරිම් කමීටුව ගැන උමාර් ගුල්ගෙන් චෝදනාවක්.

තමාගේ දක්ෂතා පිළිබඳ පාකිස්ථාන තේරීම් කමිටුව විශ්වාස නොකිරීම හේතුවෙන් එංගලන්ත සංචාරය තුළ තමන්ට ස්ථානයක් අහිමී වී ඇතැයි පකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක උමාර් ගුල් චෝදනා කර ඇත.

ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් උමාර් ගුල් දැඩි ලෙස පාකිස්ථාන ක්‍රීකට් තෙරිම් කමීටුව පිළබඳ දැඩි විවේචනයක නිරතව ඇත.

මෙවැනි විවිධ අර්බුදකාරී තත්වයන් හේතුවෙන් සංචිතයෙන් ඉවත් කල ද තමාට දේශීය තරගවල තවදුරටත් රැඳී සිටින ලෙසද  තමා වෙත තේරීම් කමිටුව දන්වා ඇති බව ගුල් වැඩි වැඩිදුරටත් පවසා ඇත.

එළඹෙන් පාකිස්ථාන එංගලන්ත සංචාරයෙන් ඉවත්කර ඇති 32 හැවිරිදි උමාර් ගුල් ඇබොටාබාද් සහ ලාහෝර්වල පැවැත්වීමට නියමීත ජාතික පුහුණු සංචිත සඳහා ද නම් කොට නොහමැති බව  ක්‍රීඩා වාර්තා පවසයි.

2013 සහ 2014 වසරවල දණහිසේ ආබාධයක් හේතුවෙන් තරගාවලි සංචිතයන්ට සඳහා නම් නොකෙරුනු ගුල්ට අනතුරුව පැවති ජාත්‍යන්තර තරග රැසක්ද අහිමි වීය.

ඔහු ජාත්‍යන්තර තරග සංචිතයකට නම් කෙරුනේ පසුගිය ජනවාරි මාසයේ පැවති නවසීලන්ත සංචාරයේ දෙවන 20යි 20 තරගයට පමණී..