FAST NEWS

24×7 Around the Globe

නුවන් කුලසේකරටත් තරගාවලියක්.

නුවන් කුලසේකර තම ප‍්‍රාන්ත කණ්ඩායමට එක් කර ගැනීමට සසෙක්ස් ප‍්‍රාන්තය තීරණය කර තිබෙනවා.

ඒ නැට් වෙස්ට් 20 – 20 ක‍්‍රිකට්තරගාවලිය වෙනුවෙන්. ඔහු කෙටි කාලීනව තරගාවලියට එක් වන බවයි සසෙක්ස් වාර්තා පෙන්වා දෙන්නේ.

බංගලිදේශ ක‍්‍රීඩක මුස්ටාර්ෆිසූර් රහමාන් තම කණ්ඩායමට එක් වන තුරු නුවන් කුලසේකර කණ්ඩායමට එක් වීම සඳහා ගිවිසුම් අත්සන් කර ඇති බවයි සසෙක්ස් ප‍්‍රාන්තය ජාත්‍යාන්තර මාධ්‍යයට ප‍්‍රකාශ කළේ.

මුස්ටාර්ෆිසූර් රහමාන් අවසන් තරග 4 ට ක‍්‍රීඩා කරනු ඇති බව ක‍්‍රිකට් වාර්තා පෙන්වා දෙනවා. සසෙක්ස් කණ්ඩායමේ ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකු මේ වන විට ශ‍්‍රී ලංකා එංගලන්ත එක් දින තරගාවලියට එක්ව සිටිනවා.

හෙට(2)පැවැත්වෙන අවසන් එක් දින තරගයෙන් පසුව ඔවුන් ප‍්‍රාන්ත කණ්ඩායමට එක් වනු ඇති බවයි සසෙක්ස් ප‍්‍රාන්තය සඳහන් කළේ.