අසභ්‍ය පත්තරයකින් ගර්භනි වෙන හැටි.

අසභ්‍ය පත්තරයකින් ගර්භනි වෙන හැටි.

දරුවන් නොමග යවනසුලූ දේවල් සමාජයේ ඕනෑතරම් තිබෙනවා.සමහර විට අපි නොහිතන තරම් බරපතළ ප‍්‍රශ්න පවා ඇතිවන්න පුළුවන්. වතාවක් එක ගැහැනු ළමයෙක් ආවා රෝහලට නවතින්න.

මේ ගැහැනු ළමයා ආවෙත් තනියම… එයාගේ නෑදෑයෝ කවුරුවත් ආවෙත් නැහැ…එයාට වයස අවුරුදු 15ක් විතර ඇති… රෝහලට එද්දිත් ඇය ගැබිනියක්… දරු ප‍්‍රසූතියට තමයි ආවේ… නමුත් ගැටලූව වුණේ ඇය විවාහවෙලා හිටියේ නැහැ… පෙම්වතා නිසා තමයි ඇය ගර්භනි වෙලා තියෙන්නේ. අපි යම් ගර්භනී මවක් රෝහලට එන විට අරගෙන එන්න කියන ද්‍රව්‍ය තිබෙනවා.

දරුවාට ඇඳුම්, නාවන උපකරණ, සබන්, තුවා, රෙදි කෑලි වගේ දේවල්… මීට අමතරව මවට අපි කියනවා පත්තර කොළ ගේන්න කියලා.

ඉතිං මේ කියන ගැහැනු ළමයාටත් අපි කිව්වා පත්තර කොළ අරගෙන එන්න කියලා. විශේෂයෙන් ඉවත් කරන සනීපාරක්‍ෂක තුවා, අපිරිසුදු රෙදි ඔතලා කුණු බඳුනට දාන්න තමයි අපි මේ පත්තර කොළ ගේන්න කිව්වේ.

අපිත් එක්කම සේවය කරන නර්ස් නෝනා කෙනෙක් දැකලා තියෙනවා මේ ගැහැනු ළමයා ගෙනාපු පත්තර කොළ ටික. ඒවා අර නරක දේවල්, අසභ්‍ය දේවල් ගැන කතා කරන අසභ්‍ය පින්තූර තියෙන පත්තර වගයක්.

අඩුම තරමේ ඒ පත්තර කෙනකුට දෙන්නවත් බැහැ… ඒ තරමට නරක පින්තූර නරක අදහස් ඒ පත්තරවල පිරිලා තිබිලා…

ඒ කතාව ඇහුවාම අපට හිතුණේ ඒ ළමයා ඒ විදියට අනාරක්‍ෂිත ගැබ් ගැනීමකට ලක්වීම පුදුමයක් නෑ කියලයි.

හුගක් වෙලාවට එවැනි පත්තර සහ නවකතාවලින් අනවශ්‍ය පෙලඹවීමක් කරනවා… ඉතින් දරුවන්ට තේරෙන්නෙත් නැහැ… ඒ අය හිතන්නේ ඒ දේ අත්හදා බැලීම නිවැරැදියි කියලයි… ඒ නිසා එයාලා ඒවා අත්හදා බලනවා…මවුපියන් විදියට දරුවන් පිළිබඳ මීට වඩා අවධානය යොමු කළ යුතුයි. දරුවන් කරන්නේ මොනවද? යන්නේ කොහේද? ඇසුරු කරන අය කවුද? බලන්නේ මොනවද? කියලා හොයලා බලන්න ඕන… වරදක් වුණාට පස්සේ ඒ ගැන වදවෙලා වැඩක් නැහැ…

දඹුල්ල රෝහලේ ප‍්‍රසව හා නාරිවේද ඒකකයේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී, ‘වෛද්‍ය ඉන්දික සේනාරත්න’ මහතා තමයි මේ විස්තර ටික අපට ප්‍රකාශ ක