FAST NEWS

24×7 Around the Globe

ගුවන් ගතවන්නන්ට දැන් කටුසු බනිස් නොමිලේම…

දිල්ලි නගරයේ සිට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා පියාසර කරමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානයකින් එහි ගමන්ගත් මගියකුට ලබාදී තිබූ කෑම බඳුනේ කටුසු ඔලුවක් තිබුණේ යැයි පළව ඇති වාර්තා එම ගුවන් සමාගම ප්‍රතික්ෂේප කර තිබේ.

එයා ඉන්දියා ගුවන් යානය එහි ගමන් කළ මගියකුට ලබාදුන් බනිස් ගෙඩියක් සහිත බඳුනේ මෙම කටුසු ඔළුව තිබි ඇත. එම ඔලුවේ ඡායාරූප ෆේස්බුක් සමාජ වබේ අඩවියේ පළවී තිබුණි.

එයා ඉන්දියා සමාගම මෙම වාර්තාව ප්‍රතික්ෂේප කරන අතර තම සමාගමේ ප්‍රතිරූපයට හානි කිරීම සඳහා සැකසූ ව්‍යාජ පුවතක් බව අවධාරණය කරයි.
එහෙත් දිවා ආහාරය සඳහා මෙම කෑම බඳුන ලැබිමෙන් පසු අදාළ මගියා බියවී කෑ ගැසූ බව වාර්තා වේ. කෙසේ වුවද මෙම කටුස්සා සැබෑ කටුස්සෙක්ද ව්‍යාජ එකක්ද යන්න පැහැදිලි නැත