පාකිස්තානය ඉදිරියේ ඇන්ජලෝ මැතිව්ස් අසරණ වෙයි.

පාකිස්තානය ඉදිරියේ ඇන්ජලෝ මැතිව්ස් අසරණ වෙයි.

 

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට කී‍්‍රඩා කරන අවසන් 11 දෙනා තෝරා ගැනීම අපහසු කාර්යයක් වී ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. ඔහු මේ බව පැවසුවේ කොළඹ ඊයේ (12) පැවැත් වූ මාධ්‍ය හමුවකදීයි.

වසර 7කට පසු ශී‍්‍ර ලංකා ටෙස්ට් සංචිතයට කැඳ වූ ජෙහාන් මුබරාක් සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කළේ එම තීරණය තමන්ගේ හෝ තේරීම් කමිටුවේ තනි තීරණයක් නොවන බවයි.

තරග 3කින් සමන්විත ශී‍්‍ර ලංකා – පාකිස්තාන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය ලබන 17 වැනිදා ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වනවා.