බද්ධ කරගත් පිරිමි ලිංගයෙන් යුවතියක් ගැබ් ගනී.

පිරිමි ජනනේද්‍රියක් බද්ධ කිරීමේ සැත්කමක් දකුණු අප්‍රිකාවේ දී ලොව මුල් වරට සාර්ථක වී ඇතැයි එම බද්ධය කරන ලද වෛද්‍ය ඇන්ඩ්රි වැන්ඩේර් මර්වේ පවසයි.

ඔහු පවසා ඇත්තේ ජනනේන්ද්‍රිය බද්ධ කරනලද පුද්ගලයාගේ බිරිඳ ගැබ් ගෙන දැන් මාස හතරක් ගතවී ඇති බවයි.

බද්ධය සිදුකළ පුද්ගලයාගේ දැන් වයස අවුරුදු 21කි.

කුඩා කාලයේ කළ වැරදි සුන්නත් කිරීමකින් ඔහුගේ ජනනේන්ද්‍රිය අහිමිවී තිබිණි.

දකුණු අප්‍රිකාවේ ස්ටෙලන්බොෂ්ට් විශ්වවිද්‍යාලයේ සහ ටිජර්බර්ග් රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් පැය නමයක සැත්කමකින් ඔහුට ජනනේන්ද්‍රියක් බද්ධ කරන ලදී.

වෛද්‍ය වැන් ඩර් මර්වෙ විදෙස් මාධ්‍යයන්ට පවසා ඇත්තේ මේ ශල්‍ය කර්මය සෑම අතනින්ම සාර්ථක වූ බව ඔහුට දාව දරුවකු පිළිසිඳ ගැනීමෙන් තහවුරු වූ බවයි.

ඉන් තමන් මහත් සතුටට පත්වූ බව ද වෛද්‍යවරයා කියයි. එම සැත්කම සාර්ථක වූ බැවින් ඉදිරියේ දී මෙවැනි සැත්කම් කිරීමට තවත් ඉල්ලීම් ලැබෙනු ඇතැයි ද වෛද්‍යවරයා පවසා ඇත.

‘‘ ඔහුට වයස අවුරුදු 18 දී තමයි මේ වැරදි සුන්නත් කිරීම සිදුව තිබෙන්නේ.

ඒ හේතුවෙන් ඔහුගේ ජනනේන්ද්‍රියේ සෙන්ටිමීටර එකක් පමණක් ඉතිරිව තිබිය දී අනෙක් කොටස අහිමිවී තිබුණා.

වෙනත් පුද්ගලයකුගෙන් ප්‍රධානය කැරුණු ජනනේන්ද්‍රියක් අපි බද්ධ කළා.

සියුම් රුධිර නාල හා ස්නායු එකිනෙක බද්ධ කරමින් ඉතා සියුම් ශල්‍ය කර්මයක් කළා.

අපි මේ ශල්‍ය කර්මය කිරීමට පෙර චීනයේ මෙවැනි ශල්‍යකර්ම කර තිබුණත් ඒ ශල්‍ය කර්ම වලින් ශරීරට එක්කල නව කොටස සිරුර විසින්ම ප්‍රතික්ෂේප කැර තිබීම නිසා සාර්ථක වී තිබුණේ නැහැ. “

ජනනේන්ද්‍රිය බද්ධ කිරීමේ සැත්කම් දකුණු අප්‍රිකාවේ දී සාර්ථක වීම වසරකට සිය ගණනකට සැනසුමක් ගෙන දෙන්නක් බව ද විදෙස් මාධ්‍ය පවසයි.

දකුණු අප්‍රිකාවේ පාරම්පරික චාරිත්‍ර අතර පුරුෂ ජනනේන්ද්‍රිය සුන්නත් කිරීමේ චාරිත්‍රය ද බහුලය.

එහිදී වැරදි සුන්නත් කිරීම් හේතුවෙන් පිරිමින්ගේ සිය ගණනකගේ ජනනේන්ද්‍රිය අප්‍රාණික වීම හෝ සුන්නත් කිරීමේ උත්සවවල දී වසරකට සියයකට වැඩි පිරිසක් මියයාම සිදුවේ.

පිරිමි ජනනේද්‍රියක් බද්ධ කිරීමේ සැත්කමක් දකුණු අප්‍රිකාවේ දී ලොව මුල් වරට සාර්ථක වී ඇතැයි එම බද්ධය කරන ලද වෛද්‍ය ඇන්ඩ්රි වැන්ඩේර් මර්වේ පවසයි.

ඔහු පවසා ඇත්තේ ජනනේන්ද්‍රිය බද්ධ කරනලද පුද්ගලයාගේ බිරිඳ ගැබ් ගෙන දැන් මාස හතරක් ගතවී ඇති බවයි.

බද්ධය සිදුකළ පුද්ගලයාගේ දැන් වයස අවුරුදු 21කි. කුඩා කාලයේ කළ වැරදි සුන්නත් කිරීමකින් ඔහුගේ ජනනේන්ද්‍රිය අහිමිවී තිබිණි.

දකුණු අප්‍රිකාවේ ස්ටෙලන්බොෂ්ට් විශ්වවිද්‍යාලයේ සහ ටිජර්බර්ග් රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් පැය නමයක සැත්කමකින් ඔහුට ජනනේන්ද්‍රියක් බද්ධ කරන ලදී.

වෛද්‍ය වැන් ඩර් මර්වෙ විදෙස් මාධ්‍යයන්ට පවසා ඇත්තේ මේ ශල්‍ය කර්මය සෑම අතනින්ම සාර්ථක වූ බව ඔහුට දාව දරුවකු පිළිසිඳ ගැනීමෙන් තහවුරු වූ බවයි.

ඉන් තමන් මහත් සතුටට පත්වූ බව ද වෛද්‍යවරයා කියයි. එම සැත්කම සාර්ථක වූ බැවින් ඉදිරියේ දී මෙවැනි සැත්කම් කිරීමට තවත් ඉල්ලීම් ලැබෙනු ඇතැයි ද වෛද්‍යවරයා පවසා ඇත.

‘‘ ඔහුට වයස අවුරුදු 18 දී තමයි මේ වැරදි සුන්නත් කිරීම සිදුව තිබෙන්නේ. ඒ හේතුවෙන් ඔහුගේ ජනනේන්ද්‍රියේ සෙන්ටිමීටර එකක් පමණක් ඉතිරිව තිබිය දී අනෙක් කොටස අහිමිවී තිබුණා.

වෙනත් පුද්ගලයකුගෙන් ප්‍රධානය කැරුණු ජනනේන්ද්‍රියක් අපි බද්ධ කළා. සියුම් රුධිර නාල හා ස්නායු එකිනෙක බද්ධ කරමින් ඉතා සියුම් ශල්‍ය කර්මයක් කළා.