කොත්තුවක් මිලදී ගැනීමට හෝටලයකට ගිය අයකු හෝටල් හිමියාගේ බිරිඳගේ ලැම ප්රදේශය හා ශරීරය ස්පර්ශ කිරීමට තැත් කළ අවස්ථාවේ හෝටල් හිමිකරු හා අසල්වැසියන් එක්ව ඔහු අල්ලා පහරදී අකුරැස්ස පොලිසියට භාරදී ඇත.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා මාතර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර ඇත.
කාන්තාව 47 හැවිරිදි දෙදරු මවක් වන අතර සැකකරු 36 හැවිරිදි දෙදරු පියකු බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත.
අකුරැස්ස පොලිස් ස්ථානාධිපතිගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ඡේ. සී. කේ. වේරගොඩ මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.








