FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුව දැම්ම විසුරනවද? රජිතගෙන් ඉගියක්.

 

ආණ්ඩුව අද හෙට විසුරවීමක් සිදුනොකරන බවත්, එසේ විසුරවනු ලබන්නේනම් තවත් පිරිසකට නියෝජ්‍ය ඇමති පදවි ලබාදීමක් සිදුනොවනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කියා සිටියේ අද(11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.
ඉදිරියේදී මේ අයුරින් තවත් පිරිස් වෙත ඇමති පදවි හෝ නි.ඇමති පදවි ලබාදීමක් සිදුවිය හැකිදැයි ඇසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්

අමාත්‍යවරයා කියා සිටියේ එසේ ලබාදෙනු ලබන්නේද නැද්ද යන්න පිළිබඳ ඉදිරියේදී දැක බලාගත හැකිවන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් හෙට දිනයේ පැවැත්වීමට නියමිත මාතර රැළියට සහභාගිවන ලෙස ඉල්ලා පුවත්පත් දැන්වීම් පළකිරීම සම්බන්ධයෙන් සොයාබලන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් එවැනි දැන්වීම් හිතුමනාපෙට පළකළ නොහැකි බවත්, පක්ෂ තුළ එවැනි එකඟතාවක් නොතිබුණු බවත් ඔහු අවධාරණය කළේය.