අතුරුදන්වු MH370 සොයා ගන්න බැරී වීම ගැන න්‍යායක්.

අතුරුදන්වු MH370 සොයා ගන්න බැරී වීම ගැන න්‍යායක්.

 

අතුරුදන්ව වසරකටත් වඩා වැඩි කාලයක් ගතවූ එම්.එච් 370 මලයාසියා ගුවන්යානය සොයාගත නොහැකි වීම ගැන නව න්‍යායක් ඉදිරිපත් කිරීමට ගණිතඥයෝ පිරිසක් කටයුතු කරති.

ඔවුන් පවසන ආකාරයට යානය අංශක 90 ක කෝණයකින්,එනම් සිරස්ව මුහුදට කඩාවැටී ඇතැයි සැළකිය හැකිය.එසේ සැලැකූ විට යානයේ කිසිදු කොටසක් මේ දක්වාම සොයාගත නොහැකි වීමට පැහැදිලි කිරීමක්ද සිදුකළ හැකි බව කියන ඔවුහු යානය සිරස්ව ජලය හා ගැටීමේදී අන් අවස්ථාවලට වඩා ජලයෙන් එල්ල වන ප්‍රතිරෝධය අඩු නිසාවෙන් යානය නොකැඩී,නොබිදී සම්පූර්ණයෙන්ම ජලයේ ගිලී යන්නට ඇතැයි නිගමනයකට එළැඹිය හැකි බව පවසයි.

මෙම තොරතුරු ලබාගැනීමට ඔවුන් භාවිතයට ගෙන තිඛෙන්නේ සුපිරි පරිගණකයකි.යානයට අත්වන්නට ඉඩතිබූ ඉරණම සම්බන්ධයෙන් නිගමන 5 කට පමණ මුලින්ම එළැඹ තිඛෙන ඔවුහු එම නිගමනයන්ට අදාළ දත්ත සුපිරි පරිගණකයට ඇතුළත් කර යානයට අත්වන්නට ඇති ඉරණම වඩා හොදින් පැහැදිලි කර දීමේ සමත් නිගමනය තෝරාගැනීමට කටයුතු කර තිබේ.

යානය අංශක 90 ක කෝණයකින් සයුරට කඩාවැටී ඇතැයි ඔවුන් පවසන්නේ ඒ අනුවය.කෙසේවුවත් යානයේ අභිරහස හරියටම විසදාගත හැකිවනු ඇත්තේ කෙදිනක හෝ එහි කළු පෙට්ටිය සොයාගත් පසු බව ඔවුන්ද පිළිගනී.

2014 වසරේ මාර්තු මස 8 වැනිදා මගීන් හා කාර්යමණ්ඩලය 239 දෙනෙකු සමග අතුරුදන්ව ගිය එම්.එච් 370 අංක දරන ගුවන්යානය ගැන කිසිදු තොරතුරක් පුරා වසරක්ම දියත් කෙරුණු යානය සෙවීමේ මෙහෙයුම් වලින්ද සොයාගත නොහැකි විය.යානය අවසානයට දර්ශනය වූ ඉන්දියන් සාගර කලාපයේ වර්ග සැතපුම් 46300 ක ප්‍රදේශයක් ආවරණය වන පරිදි මෙහෙයුම් කටයුතු දියත් කර තිබුණි.

මෙම මෙහෙයුම් කටයුතු පසුගිය සතියේ සිට අත්හැර දමා තිඛෙන අතර බළධාරීන් පවසන්නේ වසරක් පුරා මෙහෙයුම් කටයුතු සිදුකෙරුණද එකදු සාක්ෂියක් හෝ සොයාගැනීමට නොහැකිවීම නිසා අවසානයේ මෙම තීරණයට එළැඹිීමට කටයුතු කරනවා හැරෙන්නට කළ හැකි කිසිවක් තමන්ට නොතිබූ බවය.

යානයේ අතුරුදන්වීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන නියමුවාටද චෝදනා නැගේ.ඔහු පළිගැනීමේ චේතනාවක් පෙරදැරිව යානය විනාශය කරා ගෙනයන්නට ඇතැයි මතයක්ද තිබේ.

කුමන චෝදනාව නැගුනද,කුමන න්‍යායක් ඉදිරිපත් කෙරුණද සියලූදෙනාට තේරුම්ගත නොහැකිවී තිඛෙන කරුණ වන්නේ යානය ගැන කිසිදු තොරතුරක් මේ දක්වාම සොයාගත නොහැකිව තිබීමය.