FAST NEWS

24×7 Around the Globe

සුපිරි පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ආගිය අතක් නැ?

හිටපු ක්‍රිකට් නායක හා සුපිරි පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් පෙර විවාහයේ දරුවා වෙනුවෙන් වසර තුනක කාලයක් ජීවිත රක්ෂණ වාරික නොගෙවීම හා මාසිකව ගෙවන රුපියල් විසිදහසක නඩත්තු නොගෙවීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට ලබාදී ඇත්තේ ව්‍යාජ ලිපිනයක් බව ඊයේ (10) කොළඹ අංක 09 මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිවිය.

ඒ අදාල නඩුවට සම්බන්ධ සිතාසි භාරදීමට නොහැකි වූ බව පිස්කල් වාර්තාවේ සටහන්ව තිබූ නිසාය.

විනිසුරු තිළිණ ගමගෙ මහතා ඉදිරියේ මේ නඩුව කැඳවූ අතර එහිදී මහෙස්ත්‍රාත්වරයා ඩිල්ෂාන් මහතාට අදාල සිතාසි බාරදීමට සහය වන ලෙස විවෘත අධිකරණයේදී ඉල්ලා සිටියේය.

මේ නඩුව ලබන ජූලි 09 වැනිදා නැවත කඳවන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඩිල්ෂාන්ගේ දරුවා වෙනුවෙන් ඩිල්ෂාන් පළමු විවාහයේ බිරිය වන නිලංකා විතානගේ මේ නඩුව පවරා තිබේ