FAST NEWS

24×7 Around the Globe

භූ කම්පනයට සැබෑ හේතුව නිරුවතින් සිටීමලූ.

පසුගිය සිකුරාදා සිය රටේ සිදුවූ භූ කම්පනයට හේතුව බටහිර ජාතිකයින් 4 දෙනෙකු කිනාබලූ කඳු මුදුනේ නිරුවත්ව සිටීම බවට මැලේසියානු බලධාරීන් චෝදනා කරනවා.

රික්ටර් මාපාංක 5.9ක් ලෙස සටහන් වූ බෝර්නියෝ දූපතේ සභා හි සිදුවූ භූ කම්පනයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගියා.

සභා හි නියෝජ්‍ය අමාත්‍යවරයෙකු චෝදනා කළේ ඓතිහාසික කිනාබලූ කන්දට බටහිර ජාතිකයින් කළ අගෞරවය භූ කම්පනයට හේතුව බවයි.

කැනේඩියන් ජාතිකයින් දෙදෙනෙකු, බි‍්‍රතාන්‍ය ජාතික කාන්තාවක සහ නෙදර්ලන්ත ජාතිකයෙකු කඳු මුදුනේදී නිරුවත් ඡායාරූප ගෙන ඇතැයි ද ඔහු පැවසුවා.

මේ වන විට ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ සිදුවීම පිළිබඳව බටහිර මාධ්‍යය ද පුළුල් ප‍්‍රචාරයක් ලබා දී තිබෙනවා .