FAST NEWS

24×7 Around the Globe

ISIS මර්දනයට ඇමෙරිකානු සෙබලු 500ක් ඉරාකයට

 

IS ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන්ට එරෙහි සටන සඳහා ඉරාකය වෙත තවත් ඇමෙරිකානු සෙබලු 500ක් යැවීමට ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.

නම සඳහන් නොකළ ඇමෙරිකානු නිලධාරියෙකු පවසා තිබුණේ, අන්බාර් පළාතේ අලුතින් හමුදා පුහුණු කඳවුරක් ඉදිකිරීමටද ඔහු සූදානම් වන බවයි.

ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානයේ ගුවන් ප්‍රහාර නොතකමින්, IS ඉස්ලාමීය අන්තවාදීන් මෑතකදී ඉරාකය තුළ භූමිය අත්පත් කරගැනීම් සිදුකිරීම හේතුවෙන් මෙවැනි ක්‍රියාමාර්ගයකට ඇමෙරිකාව සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය මැයි මාසයේදී සටන්කාමීන් රමාදි නගරය අත්පත් කරගත් අතර, එය ඉරාකයේ විශාලතම ප්‍රාන්තය ලෙස සැලකෙන අන්බාර්හි අග නගරයයි.