ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ එජාපය හා ශ‍්‍රිලනිපය තම මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු වඩාත් ක්‍රමවත්ව සිදුකිරීමට විදේශ විශේෂඥයන්ගේ සහය ලබා ගැනීමට තීරණය කර තිබේ.
ඒ අනුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනා අනුව ශ‍්‍රීලනිපයේ ප‍්‍රචාරණ කටයුතු මෙහෙයවීමට ඉන්දියාවේ ප‍්‍රකට ප‍්‍රචාරණ සමාගමක් මෙහි පැමිණීමට නියමිතය.
එජාපයද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් සිදු කරන ප‍්‍රචාරක වැඩ පිළිවෙල මෙහෙයවීමට රටවල් දෙකක විශේෂඥ ආයතන දෙකක් කැඳවා ඇත.
මෙලෙස එජාප මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට නියමිතව ඇත්තේ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ ප‍්‍රචාරණ ආයතනයක් බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් මහතාගේ කොන්සවේට්ව් පක්ෂයේ මැතිවරණ ප‍්‍රචාරණ ව්‍යාපාරය මෙහෙය වූ ආයතනයත්ය.








