හකීම් ජලසම්පදනයේත් දේශපාලනයට බසී?

හකීම් ජලසම්පදනයේත් දේශපාලනයට බසී?

 

ජලසම්පාදන මණ්ඩලයේ සුදුසුමක් ලත් මෑන් පවර් සේවකයන් සිටියේදී අමාත්‍ය රාවුෆ් හකීම් මහතා තම හිතවත් කම් මත සේවකයන් 500ක් බදවා ගැනීමට කටයුතු යොදාමින් ඇති බව වාර්තා වේ.

අමාත්‍ය වරයාගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ජලසම්පාදන මණ්ඩලයේ වෘත්තීය සමිති දැඩි ලෙස විරෝධය ඵල කර ඇතත් මේ වන තෙක් ඒ සදහා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.

ඔවුන් වැඩි දුරටත් ඉල්ලා සිටින්නේ මෑන් පවර් සේවකයන් ස්ථිර කරන තෙක් මෙම සේවකයන් බදවා නොගන්නා ලෙසටය.
එමෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දින 100 වැඩපිළිවෙල යටතේද මෙම මෑන් පවර් සේවකයන් ස්ථිර කරන බවට පොරොන්දු වී ඇතත් තම පොරොන්දුව මෙතෙක් ඉටු වී නැති බවටයි වෘත්තීය සමිති නියෝජිතයන් චෝදනා කරන්නේ

ජුනි 04 වනදා අප විසින් පල කල මෙම හෙළිදරව්ව සත්‍යතාවය මේ වන විට තහවුරු වී ඇති අතර එමෙන්ම මෙයට අමතරව ඔහු විසින් දේශපාලන පත්වීම් කිහිපයක් තම හිතවතුන්ට කුරුණෑගල ප්‍රදේශයේදී ලබා දුන් ඡයා රූප කිහිපයක් අප වෙබ් අඩවිය වෙත ලැබී ඇත.ඉදිරියේදී අප මේ පිළිබද සියලු තොරතුරු අනාවරණය කරන්නෙමු .

නීති විද්‍යාල ළමුන් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් අපකීර්තිමත් ඉතිහාසයක්  ඇති රාවුෆ් හකීම් මහතා සම්බන්ධයෙන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට වුවද තමන් සුදානම් බවයි ජලසම්පාදන මණ්ඩලයේ වෘත්තීය සමිති අප වෙත ප්‍රකාශ කලේ.