FAST NEWS

24×7 Around the Globe

තේ මිල ගණන් අඛණ්ඩව පහළ යයි.

 

මේ වසරේ ගෙවුණු මාස 5 තුළ තේ මිල ගණන් අඛණ්ඩව පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ දත්තයන්ට අනුව පසුගිය මැයි මාසය නිම වන විට තේ 1kg ක් අලෙවි වී ඇති සමාන්‍ය මිල රුපියල් 395 කි.

පසුගිය වසරේ එම මාසයේදී තේ කිලෝ ග්‍රෑම් 1ක සාමාන්‍ය මිල රුපියල් 478 ක් වී තිබිණ.

ඒ අනුව පසුගිය වසරේ මැයි මාසයට සාපෙක්ෂව මේ වසරේ අදාළ මාසය තුළ තේ මිල 17% කින් පහළ ගොස් තිබේ.

මේ අතර පසුගිය ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළ කොළඹ තේ වෙන්දෙසියේ තේ කිලෝ ග්‍රෑම් 1ක සාමන්‍ය මිල ද අඛණ්ඩව පහළ ගොස් ඇති බව තේ මණ්ඩල දත්තවල සඳහන් ය.

ඒ අනුව, ජනවාරි මාසයේදී රුපියල් 423 ක් වූ තේ 1kg ක සාමාන්‍ය මිල මැයි මාසය නිමාවන විට රුපියල් 395 ක් දක්වා පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ රුසියාව සහ මැදපෙරදිග වැනි මෙරට තේ මිලදී ගන්නා ප්‍රධාන වෙළෙඳ පොළවල ඇති වී තිබෙන අර්බුද තේ මිල ගණන් අඩු වීම කෙරෙහි හේතු වී ඇති බව ය.