නිදහස් ලංකා ජාතික පෙරමුණ’ නමින් දේශපාලන පක්‍ෂයක් ලියාපදිංචි කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගෙන් මේ වන විට ඉල්ලා ඇත.ආචාර්ය රාජා ධර්මපාල මහතා එම පක්‍ෂයේ නායකයා වෙයි.
පක්‍ෂයේ ලාංඡනය ලෙස ‘ළිහිණියා’ පක්‍ෂියාද පක්‍ෂයේ පාට ලෙස කුරහන් පාට (දුඹුරු) තෝරාගෙන ඇති බව දන්වා ඇත.
අමරසිංහ කුඩගල්ආර එම පක්‍ෂයේ සභාපතිවරයා ලෙසත් මහලේකම් ගාමිණී රාසපුත්‍ර, ජාතික සංවිධායක හඩ්සන් සමරසිංහ, භාණ්ඩාගාරික සීලරත්න සෙනරත් කටයුතු කරන අතර, දැනට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 16ක දේශපාලන කටයුතු ආරම්භ කර ඇති බවත්, නිදහස් ලංකා ජාතික පෙරමුණේ මහලේකම්වරයා මැතිවරණ කොමසාරිස්වරයා වෙත යවා ඇති ලිපියෙහි සඳහන් වෙයි.
මෙහි සාමාජිකයන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමිපතයමන් වන අතර මහින්ද රාජපක්ෂ මහතා මෙම පෙරමුණ ඔස්සේ ඉදිරි මහමැතිවරණයට තරග කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.








