නිල් තල්මසාටත් වඩා දික්වෙන පණුවෙක්(වීඩියෝ සහිතයි)

නිල් තල්මසාටත් වඩා දික්වෙන පණුවෙක්(වීඩියෝ සහිතයි)

රෝස පැහැති දිගු දිවක් සහ කොළ පැහැති ශරීරයක් සහිත පණුවකු වැනි සත්වයෙකු තායිවාන ධීවරයෙකුගේ මත්ස්‍ය දැලකට හසුව ඇතැයි වාර්තා වේ.

වෙයි චෙන් ජියෑන් විසින් මෙම සත්වයා අල්ලාගෙන ඇති අතර පෙන්ගු වරායේදී ඔහු එය වීඩියෝගත කර තිබේ.

වෙයි විසින් අල්ලාගත් සත්වයා කුමක්දැයි මෙතෙක් තහවුරු කර නොමැති වුවද ඒ රිබන් පණුවෙකු වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව ෆේස්බුක් භාවිතාකරන්නන් පවසා ඇත. සෙමෙන් ගමන් කරන රිබන් පණුවන් මාංශ භක්‍ෂක සත්ව කොට්ඨාශයකි.

සාමාන්‍යයෙන් පැතලි සහ සිහින් සිරුරකින් යුතු රිබන් පණුවා මිලිමීටර් කිහිපයක දිගකින් යුතු වුවද සෙන්ටිමීටර් 20ක් දක්වා උන් වැඩෙන බව සොයාගෙන තිබේ.

නිශ්චිත වර්ගයක රිබන් පණුවන් මීටර් 54ක් දක්වා වැඩෙන අතර ස්මිත්සෝනියන් වෙබ් අඩවියට අනුව විවිධ හැඩයන්ගෙන්, වර්ණයන්ගෙන් හා ප‍්‍රමාණයන්ගෙන් යුතු මෙම සත්වයින් නිල් තල්මසාටත් වඩා මීටර් 60ක් දක්වා දිගින් වැඩෙන බව පැවසේ.

රිබන් පණු විශේෂ විවෘත සාගරයන් තුළ ජීවත් වුවත් බොහොමයක් සමුදුරු පත්ලේ සැගව සිටින බව විද්‍යාඥයින්ගේ අදහසයි.

නිවර්තන හා උපනිවර්තන කලාපයන්හි මිරිදිය තුළද ජීවත්වන රිබන් පණු විශේෂ කිහිපයක්ම මේ වන විට සොයාගෙන ඇතැයි වාර්තා වේ.[youtube url=https://www.youtube.com/watch?v=ozv06YO8WqE width=”560″ height=”315″]