නරේන්ද්‍ර මෝදිගේ යෝගී සැලැස්මට මුස්ලිම්වරුන්ගේ විරෝධය

නරේන්ද්‍ර මෝදිගේ යෝගී සැලැස්මට මුස්ලිම්වරුන්ගේ විරෝධය

පාසල් තුළ යෝගී ව්‍යායාම අනිවාර්ය කිරීම සඳහා ඉන්දීය ආණ්ඩුව ඉදිරිපත් කර ඇති යෝජනාවකට එරට මුස්ලිම්වරුන්ගේ විරෝධය එල්ල වී තිබෙනවා. ඊට එරෙහිව ජාතික මට්ටමේ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බවයි ඉන්දියාවේ මුස්ලිම් පූජකවරුන් පිරිසක් ප‍්‍රකාශ කර ඇත්තේ.

මෙම විරෝධයට හේතුවී ඇත්තේ යෝගී ව්‍යායාමවලදී සූර්යාට උපහාර දැක්වීම වැනි ආචාර ධර්ම අනුගමනය කිරීම ඉස්ලාම් ආගමික විශ්වාසයන්ට පටහැනි වීම බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. නරේන්ද්‍ර මෝදි ඉන්දීය අග‍්‍රාමාත්‍යධූරයට පත්විමෙන් පසු සංස්කෘතික අංගයක් ලෙස යෝගී ව්‍යායාම නංවාලීමට සැලසුම් සකස්