FAST NEWS

24×7 Around the Globe

කාශ්‍යප රජුගේ ඔටුන්නට විදින්න ගිය කල්ලියට වැඩ වරදී.

කාශ්‍යප රජුගේ ඔටුන්න ඇතැයි පවසමින් සිගීරිය අභය භූමියේ ගල්ලිඳ ප‍්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක නිධන් සෙවු පුද්ගලයින් 07 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී දුරදක්නයක් මාලිමා යන්ත‍්‍රයක් ඇතුළු උපකරණ කිහිපයක් ද මෙහිදී පොලිස් භාරයට ගැනුණු අතර මෙම ස්ථානයේ මීට පෙරද කිසියම් පිිරිසක් නිධන් හැරීමට උත්සහ දරා තිබුණි.