FAST NEWS

24×7 Around the Globe

ඇමති රවුෆ් හකීම් ISIS ශ‍්‍රි ලංකා නියෝජිතයා?

මැදපෙරදිග කලාපය අස්ථාවර කිරමින් සිටින ISIS සටන්කාමීන්ගේ ශ‍්‍රි ලංකා නියෝජිතයා ශ‍්‍රි ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක ඇමති රවුෆ් හකීම් විය හැකි බවට තමන් සැක කරන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.

නැගෙනහිර වෙනම පරිපාලන දිස්ත‍්‍රික්කයක් අවශ්‍ය යයි එම පක්‍ෂය විසින් කර ඇති ඉල්ලීම රට තුල ගැටුම් ඇති කර රට අස්ථාවර කිරීමේ උවමනාව මත ගෙන එන ලද්දක් යයිද පෙන්වා දෙන ඒ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී නැගෙනහිර කිලකිස්තානයක් ලබා දීමේ පොරොන්දුව මත හකීම් පොදු අපේක්‍ෂකයාට සහාය දුන්නේ යයි පවසන විට, දිවුරමින් එවැන්නක් නැතැයි කී බවද සිහිපත් කලේය.

හකීම්ගේ මෙම හැසිරීම මත ඇමරිකානු උවමනාව මත මැදෙපරදිග ඇතුළු ආසියානු කලාපයේ රටවල් අස්ථාවර කිරීමේ නූතන අධිරාජ්‍යවාදී උපකරණයක් වන ISIS සංවිධානයේ සෘජු ඒජන්තයාදැයි තමන්ට සිතෙන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.