FAST NEWS

24×7 Around the Globe

ගමේ ගෑනු උදවිය මහින්ද රාජපක්ෂට කැමති මොකද? ජිප්සීස් සුනිල් පිළිතුරු දෙයි.

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉටි රූපයක් වගේ ඉන්නකොට ගමේ ගෑණුන්ටත් මොකක් හරි හිතෙනවා ඇතැයි ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා පවසයි.
සතිඅන්ත පුවත්පත හා සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙසේ අදහස් පල කර ඇත.

පුවත්පත විසින් ‘ගම්වල ගෑනු උදවිය මහින්ද රාජපක්ෂට කැමති මොකද’ යයි අසන ප‍්‍රශ්ණයකට සුනිල් පෙරේරො මෙසේ පිළිතුරු දෙයි.

“උන්ගේ බ්‍රේන්වොෂ් කරලනේ තියෙන්නේ‍ මෙයා තමයි මිනිහා කියලා. තමුන්ගේ මිනිහා වැඩ කරලා, නැහිලා, ගඳ ගහගෙන හවසට ගෙදර එනවා. අර මිනිහා ඉටි රූපේ වගේ ඉන්නකොට මෙකක් හරි මේ අයට හිතෙනවා ඇති. හැබැයි ඔය බොඩි ලැන්ග්වේඡ් එකෙන් රටක් පාලනය කරන්න බැහැ. ඒකට ඕනේ මොළේ. ඒත් එක්කම කැපවී හා අවංක බව”