ISIS අන්තවාදීන් Cut Here යයි බෙල්ලේ පච්ච කොටා ගනිති.

ISIS අන්තවාදීන් Cut Here යයි බෙල්ලේ පච්ච කොටා ගනිති.

ත‍්‍රස්තවාදීන් හා සම්බන්ධකම් සහිත කණ්ඩායම් හා සටන් වැදීමට ඇමරිකානු ස්වෙච්ඡ සටන්කාමීන් කණ්ඩායමක් පිලිපීනයට පිටත්ව යාමට නියමිතව ඇතැයි වාර්තා වේ.

දකුණු ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ වැසියන් පිරිසක් වන ඔවුන් පවසා ඇත්තේ තමන්ට රැකියාවන් සහ සාමාන්‍ය ජීවිත තිබුණත් ISIS සටන්කාමීන් විසින් තර්ජනයට ලක්ව ඇති මිනිස් ජීවිත ආරක්‍ෂා කරගැනීමට ඇති අවශ්‍යතාවය මත මෙම තීරණයට එළඹි බවයි.

වෘත්තීයමය සටන් කලා ශිල්පියකු හා අවි පුහුණුකරුවකු වන සුලෙයිමාන් යූසුෆ් විසින් මෙම කණ්ඩායම මෙහෙයවනු ලබන අතර ඔහු ඉස්ලාමික සටන්කාමීන්ට එරෙහිව සටන් කිරීමේ ආධුනිකයකු නොවන බව cut here යනුවෙන් ගෙලෙහි කොටා ඇති පච්චය සාක්‍ෂි දරයි.

යූසුෆ් පවසන්නේ ඉස්ලාමයේ නාමයෙන් දරුවන් හා අහිංසක පුද්ගලයින් ඝාතනය කිරීමට ඉඩ නොදිය හැකි බවයි. තමන් වරෙක බ්ලැක්වෝටර් කුලී හමුදාව තුළද පුහුණුව ලැබූ බව ඔහු පවසා ඇති අතර පිලිපීන මෙහෙයුම සඳහා තම කණ්ඩායම කොන්ත‍්‍රාත් පදනමින් සේවයට ගත්තේ කව්රුන් විසින්ද යන්න හෙළි කර නොමැති බවද වාර්තා වේ.

කෙසේවෙතත් හිටපු මැරීන් සෙබලෙකු හා ත‍්‍රස්ත මර්දන විශාරදයකු වන ජේක් ඩිල්බර්ටෝ පවසන්නේ මේ අයුරින් සාමාන්‍ය වැසියන් ISIS හා සටන්වැදීමට යාම එතරම් ඥානාන්විත ක‍්‍රියාවක් නොවන බවයි.

එවැනි ස්වෙච්ඡුා සටන්කාමීන් හා කොන්ත‍්‍රාත් හමුදාවන් විසින් ගැටුම් කලාපයන්හිදී සංවිධිත හමුදාවකට සාපේක්‍ෂව අතිශය විනාශකාරී තත්වයන් නිර්මාණය කිරීමේ වැඩි නැඹුරුවක් පවතින බව ඔහුගේ අදහසයි.