FAST NEWS

24×7 Around the Globe

අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට බංග්ලාදේශය සමග තරගාවලියක් !!!

ශ්‍රී ලංකා කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේදී හෝ බංග්ලාදේශයේදී ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම පිළිබඳව බංග්ලාදේශ ක්‍රීකට් ආයතනයේ අවධානය යොමුව ඇති බව ඩකා ට්‍රිබියුන් වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට එක්දින හා ටෙස්ට් තරග පමණක් ඇතුළත් කිරීමටයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අවධානය යොමු කර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

අප්‍රේල් මාසය තුළ මෙම කණ්ඩායම් දෙකටම ජාත්‍යන්තර පිටියේ තරග නොමැති බැවින් මෙවැනි තරගාවලියක් පැවැත්වීමට අවධානය යොමුව ඇති බව පැවසේ.

මේ පිළිබඳව බංග්ලාදේශ හා ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතන අතර සාකච්ඡා මූලික මට්ටමින් සිදුව ඇති බවද  වැඩි දුරටත් වාර්තා වෙයි.