අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙමින් පැවතීම නිසා මෙරට ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ වාහන මිල ගණන් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ ප්‍රකාශ කරති.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල මේ වනවිට සඳහන් වන්නේ රුපියල් 150 යි ශත 54 ක් ලෙසයි.
මෙලෙස අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 150 ඉක්මවූ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වන බව සඳහන් වේ.







