FAST NEWS

24×7 Around the Globe

නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් උඩු යටිකුරු වෙයි – ශ්‍රී ලංකාව පහතටම වැටෙයි.

2016 විස්සයි විස්ස ලෝකු කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල 20 යි 20 ශ්‍රේණිගත කිරීම්හි 6 වන ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට 8 වන ස්ථානය දක්වා පසු බැස තිබේ.

එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 105ක් ලබා ගනිමීන්  අයි.සී.සී ශ්‍රේණිගත කිරීම් වල 8 වන ස්ථානයේ පසුවෙයි.

එසේම ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම පිළිවෙලින්  පළමු හා දෙවන ස්ථානයන්හි රැදී සිටියි.

ලෝක කුසලානයේ අවසන්  පුර්ව වටයේ පළමු තරගයට නවසීලන්තය සමග තරග වැදීමට නීයමීත එංගලන්ත කණ්ඩායම දකුණු අප්‍රීකානු කණ්ඩායම සමග සම ප්‍රසාද ලකුණු තත්වයක් ලබා ගනීමීන් පස්වන ස්ථානයේ පසුවෙයි.

ලෝක කුසලානයේ පෙරළිකාර කණ්ඩායමක් බව විචාර අවධානයට ලක් වු ඇෆ්ගනිස්ථාන කණ්ඩායම බංගලාදේශ කණ්ඩායමට මෙම ශ්‍රේණිගත කිරීම්හි  ඉහළ ස්ථානයක පසුවීම සුවිශේෂී කරුණකි.

ran