FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායම මාධ්‍ය හමුවේ කිර්තී නාමයත් කෙළෙසා ගත්ත හැටි මෙන්න.

ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර  ඊයේ (28දා) පැවැති තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවට ශ‍්‍රී ලංකා පිලේ කනිෂ්ඨතම ක‍්‍රීඩකයා වන ජෙෆ්රි වැන්ඩසේ සහභාගි කරවීමෙන් මාධ්‍ය හෑල්ලුවට ලක්කර ඇති බවට කතා බහක් පැතිර යයි.

මේම අවස්ථාවට ශ‍්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයකු සහභාගි නොවී ජෙෆ්රි වැන්ඩසේ එක්වීම දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ විවේචනයට ලක්වි ඇත.

දකුණු අප‍්‍රිකාව තරගාවලියෙන් ඉවතට විසිවුවද එම මාධ්‍ය හමුවට නායක ඩූප්ලෙසිස් එක්විය.

ශ‍්‍රී ලංකා පිල ලෝක කුසලාන තරගාවලියේ සහභාගී වන අවසන් මාධ්‍ය හමුවවීම නිසා ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයකු වන රංගන හේරත් විස්සයි20 ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීම ප‍්‍රකාශ කිරීමට මාධ්‍ය හමුවට සහභාගී වනු ඇතැයි විශ්වාසයෙන් ශ‍්‍රී ලංකා සහ විදේශ මාධ්‍යවේදීහු රැසක් මාධ්‍ය සාකච්ඡා ශාලාවට රැස්ව සිට ඇත.

රංගන හේරත් ක‍්‍රීඩාංගණය තුළ රූපවාහිනී ආයතනයක සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වී පිටව ගිය අතර එහිදී පවසා ඇත්තේ එංගලන්ත සංචාරයට පුහුණුවීම් ආරම්භ කළ යුතු බවයි.