FAST NEWS

24×7 Around the Globe

බංගලාදේශය සමග තරගයෙන් පසුව දෝණි මාධ්‍යට කන පැලෙන්න කියු කතාව මෙන්න.

ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝණි ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක් අතරතුර දැඩි ලෙස ආවේගශීලී ලෙස හැසිරී තිබෙනවා. ලෝක කුසලානයේ බංගලාදේශය සමග ඊයේ පැවති තරගයෙන් අනතුරුවයි දෝනි මෙම මාධ්‍ය හමුවට එක්වුණේ.

මේ හමුවේදී ඉන්දියාව අවසන් මොහාතේ තියුණු තරගයකින් අනතුරුව එක් ලකුණකින් තරගය ජය ගැනීම ගැන ඉන්දීය මාධ්‍යවේදීන් දොනිගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍යවේදීන් ප්‍රශ්න කලේ බංගලාදේශයට එරෙහිව හොද ලකුණු සංඛ්‍යවක් රැස් කර නොගැනීමට හේතු වුනේ දුර්වල පිතිකරණය නිසා බවයි. නමුත් එවිට දෝනි ආවේගශීලී ලෙස මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

“මම දන්නවා ඔබ සතුටු නැහැ මේ තරගය ඉන්දියාව ජයග්‍රහණය කලාට. ඔබ ප්‍රශ්නය අහන ක්‍රමයෙන් මට හිතෙන්නේ ඔබ ඉන්දියාව ජයග්‍රහණය කරනවට සතුටු නැහැ කියල. තරගය ඉවර උනාම කියන්න පුළුවන් මෙහෙම කලා නම් හොදයි, ඇයි මෙහෙම නොකළේ, පන්දු යැවීම් මාරු කිරීම මෙහෙම කල නම් හොදයි. මේ කාරණා ඔබ කියන්නේ ක්‍රීඩා පිටියෙන් එළියේ ඉදලා. ක්‍රීඩා පිටියේ යථාර්තය එක නෙමයි. එක නිසා ඔබ ඔය වගේ ප්‍රශ්න අහන එක වැරදියි.” දෝනි ආවේගශීලි ලෙස පැවසීය.