FAST NEWS

24×7 Around the Globe

නව කැන්ගරුවෙක් ඕස්ට්‍රේලියාවේ..

ඕස්ට්‍රේලියාවේ විශාලතම කැන්ගරුවා ලෙස සැලකෙන “ඩේව්” කන්ගරුවාට අභියෝග කරන ආකාරයේ නව කැන්ගරුවෙක් ඕස්ට්‍රේලියාවේ කැන්ගරු අභය භූමියකින් සොයාගෙන තිබේ.

මෙම කැන්ගරුවා මීටර් දෙකක් උස වන අතර කිලෝ 89 ක බරින් යුක්තයි.

කැන්ගරුවාට කෑම ලබාදෙන ටින් පොඩි කිරීමට ප්‍රියතාවයක් දක්වන රොජර් කැන්ගරුවා බැලූ බැල්මට ඩේව් කන්ගරුවාට වඩා ශරීරයෙන් විශාල වේ.

අභය භූමිය තුල සිටින කැන්ගරු ගැහැණු සත්වයන් ආරක්ෂා කිරීම රොජර් නම් මෙම කන්ගරුවාගේ ප්‍රධාන කාර්ය වේ.