FAST NEWS

24×7 Around the Globe

කුසල් ජනිත්ගේ තහනම් උත්තේජක පරික්ෂණ ගැන මහේලගෙන් ප්‍රකාශයක්.

කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක චෝදනාවෙන් නිදහස් බවට විවිධ කතා පැතිර යනවා. ඒ පිළිබඳව අදහස් දක්වමින් මහේල පවසන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල නිවේදනයක් නිකුත් කරන තෙක් එම කතා විශ්වාස නොකරන ලෙසයි.

සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් මහේල මේ බව සඳහන් කළා. තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ල වී තිබෙන කුසල් මේ වට පරීක්ෂණ කිහිපයකට පෙනී සිටියා.