FAST NEWS

24×7 Around the Globe

මැ.කොට ඩෙංගුද? – හදිසියේ රෝහල් ගත කරයි.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අසනීප වී පෞද්ගලික රෝහලකට ඇතුළු කර ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.

මේ ගැන විමසීමට කොමසාරිස්ගේ දුරකතනයට ඇතුමක් ගත් විට දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු කීවේ ඔහු අසනීප වී සිටින බවයි.

ඔහුට ඩෙංගු රෝගය වැළඳී ඇතැයි පැතිර යන කතා අසත්‍ය බවත්, උණ සෙම්ප්‍රතිශ්‍යාව වැළැඳී ඇති බවත් එම ප්‍රකාශකයා කීවේය.