FAST NEWS

24×7 Around the Globe

සත්කාරක ඉන්දීය කණ්ඩායමට අමීහිරි පරාජයක්.

සත්කාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රධාන තරග වටය ආරම්භ කරමින් නාග්පූර්හි ඊයේ (15දා) රාත්‍රියේ පැවැති පළමු තරගයෙන් ලකුණු 47 ක ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
නවසීලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 127 ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 18.1 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 79 ක් පමණි.
මෙය දෙරට අතර පැවැති පස්වැනි විස්සයි20 තරගය වූ අතර, එම කිසිදු තරගයක් ජයගැනීමට ඉන්දීය කණ්ඩායමට මෙතෙක් අවස්ථාව හිමිවී නැත.