හකීම් පිටපාරෙන් වැඩට බසී..

හකීම් පිටපාරෙන් වැඩට බසී..

ජලසම්පාදන මණ්ඩලයේ සුදුසුමක් ලත් මෑන් පවර් සේවකයන් සිටියේදී අමාත්‍ය රාවුෆ් හකීම් මහතා තම හිතවත් කම් මත සේවකයන් 500ක් බදවා ගැනීමට කටයුතු යොදාමින් ඇති බව වාර්තා වේ.

අමාත්‍ය වරයාගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ජලසම්පාදන මණ්ඩලයේ වෘත්තීය සමිති දැඩි ලෙස විරෝධය ඵල කර ඇතත් මේ වන තෙක් ඒ සදහා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.

ඔවුන් වැඩි දුරටත් ඉල්ලා සිටින්නේ මෑන් පවර් සේවකයන් ස්ථිර කරන තෙක් මෙම සේවකයන් බදවා නොගන්නා ලෙසටය.
එමෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දින 100 වැඩපිළිවෙල යටතේද මෙම මෑන් පවර් සේවකයන් ස්ථිර කරන බවට පොරොන්දු වී ඇතත් තම පොරොන්දුව මෙතෙක් ඉටු වී නැති බවටයි  වෘත්තීය සමිති නියෝජිතයන් චෝදනා කරන්නේ .