FAST NEWS

24×7 Around the Globe

පෙර පුහුණූ තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ඊයේ (10) සහභාගී වූ පළමු පෙර පුහුණු තරගයේදී නවසීලන්ත කණ්ඩායම හමුවේ පරාජයට පත් විය.
ඒ ලකුණු 74 කිනි. තරගයේ මුලින් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 226 ක් රැස් කර ගත්හ.
ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලබා ගත්තේ ලකුණු 152 ක් පමණි.