FAST NEWS

24×7 Around the Globe

අයිසීසීය පාකිස්තාන ලෝක කුසලාන ගැටලුවට විසදුමක් සපයයි.

2016 ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ලබන 19 වෙනිදා ඉන්දියාවේ ධරම්සාලා හිදී පැවැත්වීමට නියමිතව තිබු ඉන්දීය පකිස්ථාන තරගය කොල්කටා නුවරට රැගෙන ඒමට ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සියලය ඊයේ (09) තීරණය නර ඇති බව  ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන්කර සිටියි.
මේ තරගයට ආරක්ෂාව ලබාදීමට නොහැකි බව ධරම්සාලා ක්‍රීඩා පිටිය පිහිටි හිමචාල් ප්‍රාන්තයේ මහා ඇමතිවරයා ප්‍රකාශ කිරීමත් සමග ඇතිවු අර්බුදයට විසදුමක් ලෙස අයිසීසීය මෙම පියවර ගෙන ඇති බව වැඩි දුරටත් එම වාර්තා සඳහන් කර සිටියි.
ලෝක කුසලානය තරගාවලිය නියෝජනය සදහා ඉන්දියාවට පැමිණීම නියමීත පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සිය පැමීණිම කල් දමන්නට තීරණය කලේ ඉන්දියාව තුල ඔවුන්ට ආරක්ෂාව තහවුරු වන තෙක්ය.
එ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මේ තරගය කොල්කටා නුවරට රැගෙන ඒමට තීරණය කර ඇත.