තමන්ට රට වෙනුවෙන් ක්රිකට් ක්රීඩා කිරීමට හැකියාවක් නොමැති අතර හැමවිටම පෞද්ගලිකත්වය වෙනුවෙන් ක්රිකට් ක්රීඩා කිරිමට උත්සාහ කළ බවත්, එය අවසානයේදී රට වෙනුවෙන් ජයග්රහණයට බලපාන බවත් ශ්රී ලංකා හිටපු විස්සයි20 නායක ලසිත් මාලිංග පැවසීය.
මාලිංග මේ බව සඳහන් කළේ විස්සයි20 ලෝක කුසලානය සඳහා ශ්රී ලංකා කණ්ඩායම පිටත්ව යාමට පෙර ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ඊයේ (08දා) පැවැති සුබ පැතීමේ උත්සවය අතරතුරදීය.
එහිදී මාලිංග පවසා සිටියේ ඔහු අවුරුදු 12 ක් රට වෙනුවෙන් හිතට එකඟව ක්රීඩා කළ බවත්, ලෝක කුසලානයේදී කණ්ඩායමේ ස්ථානයක් සඳහා අවස්ථාවක් ලැබේ යැයි විශ්වාස නොකරන බවත්ය. යම් හෙයකින් අවස්ථාවක් ලැබුණහොත් ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්ර‘යෝජන ගෙන ක්රීඩා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කීය.
“මම බලාපොරොත්තු වෙනවා ලෝක කුසලානයේ පළමු තරගයට ක්රීඩා කරන්න. දක්ෂ ක්රීඩකයන් 14 දෙනෙක් ලෝක කුසලානයට යන නිසා මම හිතන්නෙ නැහැ මට එකපාරටම කණ්ඩායමට ඇතුළත්වීමට හැකිවේවි කියලා. මටත් බංකුවේ ඉඳගෙන බලාගෙන ඉන්න වේවි අවස්ථාව ලැබෙනකම්.
අවස්ථාවක් ලැබුණොත් රට වෙනුවෙන් කියලා ක්රිකට් ක්රීඩා කිරීමට හැකියාවක් මට නැහැ. මම පෞද්ගලිකත්වය වෙනුවෙන් කඩුලු දවාගන්න උත්සාහ කරනවා. මම නිතරම හිතන දෙයක් තමයි පෞද්ගලිකව ක්රිකට් ක්රීඩා කළොත් එය අවසානයේ රට වෙනුවෙන් බලපානවා කියලා. මට තරගයක් ලැබුණොත් එහිදී මගේ උපරිම දක්ෂතාව දක්වන්න අපේක්ෂා කරනවා. එය රට වෙනුවෙන්ද, මං වෙනුවෙන්ද කියන කාරණය මට අදාළ නැහැ.
පන්දු යවන්නෙක් ලෙස කණ්ඩායමේ රැඳී සිටීමට නම් මම කඩුලු දවාගත යුතුයි. මට කඩුලු දවාගැනීමට හැකියාවක් නොමැති නම් කණ්ඩායමේ රැඳෙන්න බලාපොරොත්තුවක් නැහැ. තරගයක් අවසානයේ මගේ නම යටතේ කඩුලු කිහිපයක් සටහන් විය යුතුයි. එතකොට තමයි මම මං වෙනුවෙන් දෙයක් කර තිබෙන්නේ. එය අවසානයේදී රට වෙනුවෙන් බලපාන්න පුළුවන්.”
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.