FAST NEWS

24×7 Around the Globe

විද්‍යුත් තැපෑලේ නිර්මාපකයා දිවි සැරිය නිම කරයි.

අන්තර්ජාලයේ පුරෝගාමියෙක් මෙන් ම විද්‍යුත් තැපෑලේ නිර්මාපකයා දවන රේ ටෝම්ලින්සන් මහතා අභාවප්‍රාප්ත වී ඇත.
අමෙරිකානු ජාතික පරිගණක ක්‍රමලේඛකයෙකු (programmer) වූ ඔහු 1971 වර්ෂයේ දී එක ජාලයකින් තවත් ජාලයකට යැවිය හැකි විද්‍යුත් පණිවිඩ පිළිබඳ අදහස ඉදිරිපත් කරනු ලැබී ය.
මේ වනවිට සම්මතයක් ලෙස විද්‍යුත් තැපැල් ලිපිනයන්හි භාවිතාවන ‘@’ සංඛේතය ද ඔහුගේ සොයා ගැනීමකි.
ටෝම්ලින්සන් මහතා මිය ගොස් ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙනි.