FAST NEWS

24×7 Around the Globe

ලසිත් මාලිංග නායකත්වයෙන් ඉවත්වීමට ඉල්ලයි !!

ශ්‍රී ලංකා විස්සයි නායක ලසිත් මාලිංග එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේදී නායකත්වයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙනවා.
එසේම තේරීම් කමිටුව තමාව ලෝක කුසලාන තරගාවලිය සඳහා තෝරා ගන්නේ නම් පමණක් තරගාවලියට ක්‍රීඩා කරන බවත් ඔහු ක්‍රිකට් ආයතනයට පවසා ඇති බව වාර්තා වෙනවා.
ආබාධ තත්ත්වය යටතේ පවා නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේදී මාලිංග එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව තරගයට ක්‍රීඩා කළත් ඉන් අනතුරුව පවැති ඉන්දීය, බංග්ලාදේශ හා පාකිස්තාන තරග සඳහා ක්‍රීඩා නොකළා.
මාලිංග දණහිසේ ආබාධයකින් පෙළෙනවා.