බොලිවුඩ් සුපිරි තරු තුනකට නූඩ්ල්ස් නඩුවක්.

 බොලිවුඩ් සුපිරි තරු තුනකට නූඩ්ල්ස් නඩුවක්.

 

බහුජාතික සමාගමක් මගින් නිෂ්පාදනය කරන සුප්‍රසිද්ධ නූඩ්ල්ස් වර්ගයක් වෙනුවෙන් වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටි බොලිවුඩ් සුපිරි තරු තුනකට එරෙහිව නඩුවක් ගොනු කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, අමිතාබ් භච්චන්, මධුරි ඩික්සිත් සහ ප්‍රීටි සින්ටා යන නළු නිළියන්ට එරෙහිව අදාළ නඩුව ගොනු කර ඇති බව ය.

අදාළ නූඩ්ල්ස් වර්ගයෙහි මිනිස් සිරුරට අහිතකර MSG ප්‍රතිශතය අධික ලෙස පවතින බවට ඉන්දියාව පුරා පැතිර යාමත් සමග මෙම නඩුව පවරා තිබේ.

මිනිස් සිරුරට හිතකර නොවන ආහාරයක් පරිභෝජනය කිරීම සඳහා ජනතාව පෙළඹවීම යන චෝදනාව මත එම නඩුව පවරා ඇත.

අදාළ නළු නිළියන් පවසා ඇත්තේ, එම නූඩ්ල්ස් වර්ගය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවට අදාළ සමාගම තමන්ට සහතික කර ඇති බව ය.