FAST NEWS

24×7 Around the Globe

සුපිරි පිතිකරු කුසල්ට සිය නිර්දොෂී බව ඔප්පු කිරීමට වරමක් ලැබෙයි.

තහනම් උත්තේජක චෝදනාවට ලක්‌ව සිටින ශ්‍රී ලංකාවේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා ඉදිරි දින කිහිපයේදී පරීක්‍ෂණ කිහිපයකට සහභාගි වී එහි වාර්තා සමග ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ තහනම් උත්තේජක නිලධාරීන් ඉදිරියේදී තවත් පරීක්‍ෂණයකට සහභාගි වීමට නියමිතව තිබේ.
කුසල් පෙරේරාගේ “ඒ” සහ “බී” මුත්‍රා සාම්පලවල තහනම් උත්තේජක සංඝට ඇතුලු වී ඇති බවට චෝදනා ලැබ දැනට මාස හතරකට ආසන්න කාලයක්‌ ගෙවී ගොස්‌ තිබුණද ඔහුගේ ශරීරයට එම උත්තේජක කෙසේ ඇතුළු වුයේද යන්න තවමත් පරීක්‍ෂණ මට්‌ටමේ පවතී.
නවතම නීති රීති අනුව අදාළ තහනම් උත්තේජක වරදට හසු වුවහොත් වසර හතරක තරග තහනමක්‌ පැනවෙන අතර මෙය කුසල් පෙරේරා දැන හෝ නොදැන නොගත් දෙයක්‌ වීම හේතුවෙන් තවදුරටත් ඔහුට අදාළ තහනම අවම කර ගැනීමේ අවස්‌ථාව තිබේ.
ශ්‍රී ලංකාවේ පැවැති තරගයක්‌ අතරතුර කුසල් පෙරේරාගේ ශරීරයට තහනම් උත්තේජක සංඝටක ඇතුලු වු බවට පසුගිය නොවැම්බර් මසදී ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය විසින් තහවුරු කළේය. ඒ වන විට කුසල් පෙරේරා නවසීලන්තයේ සංචාරයක නිරතව සිටියදී යළිත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ බළධාරින් කටයුතු කළේය.
වාර්තා වන අන්දමට ඉදිරි සතියේ දිනක කුසල් පෙරේරා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයට ගොස්‌ තවත් පරීක්‍ෂණයකට සහභාගි වන අතර එහිදී ඔහුගේ තහනම කොපමණ කාලයකට වලංගු යන්න තීරණය වනු ඇත.