FAST NEWS

24×7 Around the Globe

ඔසාමා බින් ලාඩන්ගේ අන්තිම කැමැත්ත අනාවරණය වෙයි.

අල් කයිඩා ත්‍රස්ත කල්ලියේ ප්‍රථම නායකයා වූ ඔසාමා බින් ලාඩන් තම සංවිධානයේ ඉදිරි කටයුතු සඳහා තම අන්තිම කැමැති පත්‍රය මගින් ඩොලර් මිලියන 29 ක් වෙන්කර දී තිබූ බව වාර්තා වේ.
මෙම අන්තිම කැමති පත්‍රය හමුව ඇත්තේ ලාඩන් සෙවීම සඳහා පකිස්තානයේ ඇබාටාබාද්හි කළ මෙහෙයුමකදීය.
එම මෙහෙයුම සිදුව ඇත්තේ 2011 මැයි මස දී වන අතර ඔහු එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත.
එම ලියවිල්ලට අනුව එම මුදල් ප්‍රමාණය සුඩානයේ රඳවා තිබෙන බව සඳහන් කර තිබුණද ඒවා මුදල්වලින් ද එසේත් නැතිනම් ඔහු සතුව තිබූ අනෙකුත් වත්කම් ද යන්න සඳහන්ව නොමැති බව පැවසේ.
බින් ලාඩන් සුඩාන රජය යටතේ වසර පහක කාලයක් එරට රැඳී සිට ඇත.