FAST NEWS

24×7 Around the Globe

අනවසර සංක්‍රමණික කඳවුරක් ඉවත් කිරීමට ගිය ප්‍රංශ පොලිසියට ප්‍රහාරයක් (වීඩියෝ)

ප්‍රංශයේ කලායිස් ප්‍රදේශයේ පිහිටි අනවසර සංක්‍රමණිකයන්ගේ සරණාගත කඳවුරක් ඉවත් කිරීමට ගිය පොලිසිය සහ සරණාගතයන් අතර ගැටුමක් හටගත් බව වාර්තා වේ.

පොලිසිය විසින් අනවසර සංක්‍රමණිකයන් ගේ කුඩාරම් ඉවත්කිරීමට යාමේදී සංක්‍රමණිකයන් ඊට විරුද්ධ වූ අතර පොලිසිය ඒ විරුද්ධත්වය නො තකා කුඩාරම් ඉවත් කිරීමට කටයුතු කළේ ය.

මේ අවස්ථාවේ පොලිසියට සංක්‍රමණිකයන් විසින් ගල් මුල් ප්‍රහාර එල්ලකළ අතර පොලිසිය ද ප්‍රති ප්‍රහාර ලෙස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබුණි.

පොලිසිය විසින් පුද්ගලයන් 23 දෙනකු මෙහිදී අත් අඩංගුවට ගෙන තිබේ.

යුරෝපය වෙත පැමිණි සංචාරකයන් පිරිසක් රැඳී සිටින මෙම සරණාගත කඳවුර වෙනත් තැනක පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් පවතී.

මෙම සරණාගත කඳවුරේ සිටින සංක්‍රමණිකයන් බ්‍රිතාන්‍ය දක්වා ගමන් කරන ලොරි රථවල හා දුම්රියවල නැග නීතිවිරෝධීව බ්‍රිතාන්‍ය වෙත ඇතුළු වීමට උත්සාහ දැරීමත් සමග මෙම පියවර ගැනීමට ප්‍රංශ බලධාරීන් කටයුතු කරමින් සිටියි.

මේ සම්බන්ධයෙන් සරණාගතයන්ගේ තොරතුරු රැස්කිරීමද ප්‍රංශ බලධාරීන් පසුගිය දිනවල සිදු කළේ ය.

සිරියාවේ සිට ඇෆ්ගනිස්ථානය දක්වා වූ රටවලින් පැමිණි සංක්‍රමණිකයන් දහස් ගණනක් මෙම කඳවුරේ රැඳී සිටින අතර, එය ප්‍රංශයේ උතුරුදිග ප්‍රදේශයේ පිහිටා තිබේ.

මෙම කඳවුර දකුණු දිග ප්‍රංශය වෙත ගැනීම සඳහා බලධාරීන් කටයුතු කරමින් සිටියි.

[youtube url=”https://www.youtube.com/watch?v=Pc86O2mJFl0&feature=youtu.be” width=”560″ height=”315″]