ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා හා ඉන්දියා කණ්ඩායම් අතර තිරණාත්මක තරඟය අද (01) රාත්‍රී බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වීමට නියමීතය.
අසියානු කුසලානයේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ.
අද පැවැත්වෙන ඉන්දියාව සමග තරගයට ශ්‍රී ලංකා විස්සයි – විස්ස කණ්ඩායම් නායක ලසිත් මාලිංගට අහිමී වන ඇත බව ඩකා නුවරින් වාර්තා වේ.
මාලිංගගේ පාදයේ අබාධය තවමත් සම්පුර්ණයෙන් සුව අතට පත් නොවීම මීට හේතුව වන බවත් මේ හේතුවෙන් මාලිංගට ආසියානු කුසලාන තරගාවලියම අහිමිවීමට ඉඩ ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අභයන්තර ආරංචි මාර්ග පවසයි.
මේ අතර ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි සහ රෝහිත් ෂර්මාද අබාධවලට ලක් වී ඇති බවද වාර්තා වේ.
එම හේතුවෙන් ඔවුන් දෙදෙනාටද අද තරගයට සහභාගී වීම අවිනිශ්චිත වී ඇත.
තරගය සවස 7.30ට ශ්‍රී ලංකා වේලාවෙන් අරම්භවීමට නියමිතය.






