ආසියානු හා ලෝක කුසලාන පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරගාවලිවලට ක්‍රීඩා කරනු ලබන කණ්ඩායමට දකුණතින් පා දඟ පන්දු යවන ක්‍රීඩකයකුවන ජෙෆ්රි වැන්ඩසේ නම් කිරීම සම්බන්ධයෙන් කණ්ඩායම අභ්‍යන්තරයේ කතාබහක් ඇතිව ඇතැයි බංග්ලාදේශයෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
තේරීම් කමිටු සාමාජිකයකු වන බ්‍රෙන්ඩන් කුරුප්පු මහතාගේ තල්ලුවකට අනුව ඔහු අදාල කණ්ඩායම් වලට එක්වී ඇති බවට මේවන විට රාවයක් පැතිර තිබේ.
ක්‍රීඩකයන් අතර “බ්‍රෙන්ඩා ඉන්නකන් වැන්ඩා යනවා” යනුවෙන් ආප්තෝපදේශයක්ද මේවන විට නිර්මාණයවී ඇතැයි කණ්ඩායම් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ජෙෆ්රි වැන්ඩසේ ශ්‍රී ලංකා පිලට එක්කරනු ලැබුවේ ප්‍රවේගකාරී පිතිකරුවකු හා දකුණතින් පා දඟ පන්දු යවන ක්‍රීඩකයකු වන සීකුගේ ප්‍රසන්න ඉවත් කරමිනි.
දකුණතින් පා දඟ පන්දු යවන්නකු වන වැන්ඩසේ විස්සයි – 20 අන්තර්ජාතික තරග හතරකදී පන්දුවාර 12 ක් යවා ලකුණු 115 ක් ලබා දෙමින් එක් කඩුල්ලක් පමණක් දවාගෙන තිබේ. වැන්ඩසේ අන්තර් පළාත් තරගාවලියේදී සැළකිය යුතු දස්කම් ප්‍රදර්ශනය නොකළ අතර අන්තර් සමාජ තරගාවලියේදී දැඩි ප්‍රහාරයකට ද ලක්විය.
සීකුගේ ප්‍රසන්න අන්තර් පළාත් තරගාවලියේදී ආරම්භක පිතිකරුවකු ලෙස සාර්ථක වූ අතර ඔහු පසුගිය ඉන්දීය තරගාවලියට ද සහභාගි විය.









