බංග්ලාදේශයේ පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය ප්‍රථම ජයග්‍රහණය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව වාර්තා කීරීමට පාකිස්තාන කණ්ඩායමට ඊයේ (29) හැකි වීය.
පළමුවෙන් පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමීර් කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 129ක් රැස් කළහ.
පාකිස්තාන පිළ පන්දු වාර 18යි පන්දු 04 ක දී කඩුලු 03ක් දැවී ලකුණු 131ක් ලබමින් තරගයේ ජය හිමි කර ගනු ලැබී ය.
මේ අතර ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය මීර්පූර්හි දී අද (01) පැවැත් වේ.







